ඉස්පිරිතාලේ රිසෙප්ශන් එකේ හිටපු කෙල්ල සිරිපාලගෙන් අහනව “මේ මහත්තයා මොකටද?”
“මිසී මේ ගල්..”
“හරි මේ ෆෝම් එක පුරෝලා ගිහිං වාඩිවෙන්න”
සිරිපාලත් දැං වාඩිවෙලා ඉන්නවා
ටික වෙලාවකින් නර්ස් කෙනෙක් ඇවිත් සිරිපාලගෙන් “ගල් නේද?” කියලා අහලා ලේ එකකුත් අරගෙන යනවා.
ආයේ ටිකකින් ඒ නර්ස් ඇවිත් සිරිපාලට කියනවා “තව ටෙස්ට් වගයක් කරන්න වෙනවා. මේකට ස්ටූල් සාම්පල් එකක් අරගන්න. ඊට පස්සේ ඇවිත් ඩොක්ටර් හම්බවෙන්න” කියලා කුප්පියක් අතට දෙනවා.
සිරිපාලට තේරෙන්නේ නෑ වැඩේ. මිනිහා කුප්පියත් තියං හිටගෙන ඉද්දි ඔන්න ඩොක්ටර් එනවා.
සිරිපාල ඩොක්ටර් ගෙන් අහනවා “මහත්තයෝ ලෝඩ් එක බාන්නේ කොහෙන්ද?”
ඩොක්ටර් කියනවා “වැසිකිලියෙනේ මාමේ. ඕක කියන්නත් දෙයක්ද?”
පොඩි හිනාවකුත් යනවා ඩොකාට.
සිරිපාලත් “හරි එහෙනං” කියලා යන්න හදද්දි ඩොක්ටර් අහනවා.
“මේ… ගල් නේද?”
“ඔව් මහත්තයෝ”
“බඩේද?”
“නෑ මහත්තයෝ එලියේ ලොරියේ”

