සිරිපාල කොන්ඩේ කපන්න ගිහිං ඉද්දි බාබර් අහනවා “වයිෆ් ට කොහොමද?”
සිරිපාල කියනවා “අවුලක් නෑ ඉන්නවා” කියලා.
විනාඩි දෙකක් යන්න නෑ ආයෙත් බාබර් “වයිෆ් හොඳිං ඉන්නවද?”
“මම කිව්වේ කලිනුත්. එයා ඉන්නවා අවුලක් නැතුව”
ටිකක් වෙලා ගිහිං බාබර් ආපහු අහනවා “වයිෆ් සනීපෙන්ද?”
“මොන මගුලක්ද ඕයි වයිෆ් ගැන අහන්නේ ඔච්චර”
“මේකයි වයිෆ්ව මතක් කරන හැම පාරම ඔයාගේ කොන්ඩේ කෙලිං වෙනවා එතකොට කපන්න ලේසියි”