පිස්සෝ තුන් දෙනෙක් කාර් එකේ ගමනක් යන ගමං. එක පිස්සෙක් පිටිපස්සේ වීදුරුව ඇරගෙන ඔලුව එලියට දාගෙන යන්නේ. එක පාරට වාහනේ හිටිනවා හෙන කර්කෂ පලාතක හෙන ගහන අවුවේ. පිස්සෝ තුන් දෙනා කතා වෙනවා “මෙතන ඉඳලා හරියන්නේ නෑ. උදව්වක් හොයාගෙන යං. අවශ්ය්ම දේවල් විතරක් ගන්නලා” කියලා.
එක පිස්සෙක් රේඩියෝ එක ගලෝලා ගන්නවා, යන ගමන් අහගෙන යන්න.
තව එකෙක් සීට් එකක් ගලෝලා ගන්නවා, මගදි මහන්සි උනොත් වාඩිවෙන්න.
තුන් වෙනි එකා පිටිපස්සේ දොරෙ වීදුරුව ෆුල් වහලා දොර ගලෝලා ගන්නවා අරං යන්න. අනික් පිස්සෝ දෙන්නා අහනවා මුගෙන් “මොකටද බං දොර?”
“නැත්තං මූ වීදුරුව ඇරං ගිහිං ඒසී එක එලියට යනවා”

