විමලේ මාමා වයිෆ්ට බබා හම්බෙනකං වේටින් ඒරියා ඉන්නවා. තව හස්බන්ඩ්ලා තුන් දෙනෙකුත් හිටියා එතන.
පලවෙනි හස්බන්ඩ්ට සුබ ආරංචිය එනවා
“ඔයාට පුතෙක් හම්බුනා”
පලවෙනි හස්බන්ඩ් කියනවා “මම අද එද්දි තනියව දැක්කා. මම දන්නවා මට ලැබුනේ ඇතෙක් වගේ පුතෙක්”
ටිකකින් දෙවනි හස්බන්ඩ්ටත් එනවා නිව්ස් එක.
“ඔයාට නිවුන්නු”
දෙවනි හස්බන්ඩ් කියනවා “බලන්නකෝ වාසනාව. මම එද්දි ඒත් අලි ජෝඩුවක් දැක්කා. දැං මට ලමයි ජෝඩුවක් ලැබුනා”
විමලේ මාමා පොඩ්ඩක් කලබල වෙලා දැං
ඔන්න එතකොටම තුන්වෙනි හස්බන්ඩ්ටත් එනවා
“ඔයාට තුන් නිවුන්නු”
තුන්වෙනි හස්බන්ඩ් කියනවා “බලන්නකෝ ඒත් මට සුබ පෙර නිමිති පෙනුනා. මම එද්දි තුන් පත් රෑනක් දැක්කා”
විමලේ මාමා කලන්තේ දාලා වැටුනා
සිහිය එද්දි නර්ස් කෙනෙක් අහනවා “මොකද උනේ?”
“මම උදේ එද්දි පින්නවල අලි සෙට් එකම නාවන්න එක්ක යනවා දැක්කා”

