සිරිපාල එයාගේ වඳුරත් එක්ක දවසක් බාර් එකකට ගිහින් ජින් කාලක් ඕඩර් කලා. වඳුරා එක පාරටම බාර් කවුන්ටරේ උඩ තිබ්බ කට්ලට් දෙක තුනක් අරං එක හුස්මට කටේ දාගත්තා. මේක දැක්ක බාර් එකේ අංකල්. “ඕයි මේ උබේ වඳුරා..” කියද්දිම ඌ පූල් ටේබල් එකට පැනලා බිලියඩ් බෝලයක් අරං ඒකත් කටේ ඔබාගත්තා.
“සොරි අංකල් තරහා ගන්න එපා මේ මෝඩයට රවුම් දේවල් පේන්න බෑ කටේ දාගන්නවා. මම පාඩුව ගෙවන්නං.” කියපු සිරිපාල ජින් කාල එක උගුරට ගහලා අලාබෙත් ගෙවලා එතනින් යන්න ගියා.
ටික දවසකට පස්සේ ආයෙත් පාරක් සිරිපාල වඳුරත් එක්ක ඒ බාර් එකටම ගියා. එදා බර්ත්ඩේ පාටි එකක්. වඳුරා පැනපු ගමන් කේක් එක උඩ තිබ්බ චෙරි ගෙඩිය අරං පස්ස පැත්තේ ගහලා අනික් පැත්තට ඒක කටේ දාගත්තා.
බාර් අංකල්: “බලනවා අයිසේ තමුසේ ඇයි මේකව ආයේ මෙතනට ගෙනාවේ! දැක්කද මූ අර චෙරි ගෙඩියට කරපු එක.”
“මේකනේ අංකල්. මූට තාම රවුම් දේවල් පේන්න බෑ කටේ ඔබාගන්නවා. හැබැයි අර බිලියඩ් බෝලේ ගිලපු දවසෙන් පස්සේ මූ මුලින් මැනලා බලලා කටේ දාගන්නේ”

