Plaint Tea Jokes

කිකිළියෙක් වෙලා බිත්තරයක් දාමුද?

සිරිපාල දවසක් හොඳටම බීලා ගෙදරට හොරෙන් රින්ගලා කොහොමහරි හොරෙන්ම වයිෆ්ගේ එහා පැත්තේ ඇඳෙන් හාන්සි උනා.

මෙන්න එක පාරට පොර දිව්ය ලෝකේ ගේට්ටුව ගාව. එතන හිටපු පොර කියපු විදියට සිරිපාල නින්දෙන්ම අවසං ගමන් ගිහිං.

සිරිපාල එතන කෑගහන්න ගත්තා. බෑ බෑ මට මැරෙන්න බෑ මාව ආපහු යවපියෝ කියලා.

කරච්චලේ අහගෙන ඉන්නම බැරි තැන දිව්ය ලෝකේ සෙකුරිටි ඇවිල්ලා සිරිපාලව තල්ලු කලා.

තල්ලු කරපු පාර සිරිපාල ආයෙ මේ ලෝකේ ඉපදුනා, හැබැයි කිකිලියෙක් වෙලා ෆාම් එකක.

ෆාම් එකේ හිටපු අනික් කුකුල්ලු කිකිලියෝ සිරිපාලව ආදරෙන් පිලිගත්තා. සිරිපාලත් ඉතිං දැන් මොනා කරන්නද කියලා පැත්තකට වෙලා හිටියා.

එක පාරට සිරිපාලට නිකං පුපුරන්න වගේ දැනුනා. සිරිපාල වේදනාවෙන් කෑගහන්න ගත්තා.

ලඟ හිටපු කුකුල්ලු එකතු වෙලා බය වෙන්න එපා ඔය බිත්තරයක් ඒකට එලියට එන්න දෙන්න කියලා සිරිපාලගේ හිත හැදුවා.

කොහොමහරි අමාරුවෙන් බිත්තරේ එලියට ආවම සිරිපාලට අර තිබුන වේදනා හැම එකක්ම අමතක වෙලා මාතෘ සෙනේහේ පිරිලා ඉතිරෙන්න ගත්තා.

ඒත් එක්කම තවත් බිත්තරයක් ආවා. සිරිපාලට තව සන්තෝසයි.

ඔන්න තුන් වෙනි එකත් එනවා.

එතකොටම සිරිපාලට ඔලුවට තද පාරක් වදිනවත් එක්කම වයිෆ්ගේ කටහඬ ඇහුනා

“පිස්සුද මිනිහෝ ඇඳ උඩ රෙන්නේ!”

Watch the Video
_______

Leave a Comment

Your email address will not be published. Required fields are marked *