වයලට් අක්කා හරියටම අවුරුදු 35 පිරෙන දවසේ ප්ලාස්ටික් සර්ජරි එකක් කලා තරුණ පෙනුමක් ගන්න. වැඩේ ඉවරවෙලා සුපර් මාර්කට් එකේ පෝලිමේ ඉන්න ගමං මෙයා ලඟ ඉන්න අයගෙන් අහනවා “මගේ වයස ගෙස් කරන්න පුලුවන්ද” කියලා.
හැමෝම අවුරුදු 23 , 24 වගේ කියද්දි “අද තමා මගේ 35 වෙනි බර්ත්ඩේ එක” කියලා හරි උජාරුවෙන් කියනවා.
ඊලඟ දවසේත් මේ විදියටම සුපර් මාකට් පෝලිමේ ඉද්දි පිටිපස්සේ හිටපු මනුස්සයෙක්ගෙන් අහනවා.
“අංකල් ඔයාට මගේ වයස ගෙස් කරන්න පුලුවන්ද”
අංකල් වයලට් දිහා හොඳට බලලා. “30ට වැඩියි”
හරිනේ… වයලට් පුදුම උනා.
“හැබැයි 40ට අඩුයි”
ඒකත් හරිනෙ.. වයලට් ට හොඳටම පුදුමයි
“මට ඕනෙනං තිතට දවසට උනත් කියන්න පුලුවං. ඒකට හැබැයි මට ඔයාගේ පපුව පොඩ්ඩක් අතගාන්න වෙනවා”
වයලට් කල්පනා කලා, කමක් නෑ වයසක මනුස්සයනේ. අනික වයලට් ට ඕන උනා මෙයා කියන්නේ ඇත්තමද බලන්න.
අංකල් ඇස් දෙකත් පියාගෙන ටිකක් වෙලා අතගාලා… “අවුරුදු 35යි එක දවසයි”
වයලට් ට හිතාගන්නත් බෑ. “මාරයිනේ අංකල්, අංකල් දේවාලෙකවත් හිටියද?”
“නෑ… මම ඊයෙත් සුපර් මාකට් පෝලිමේ හිටියා”

