විමලේ මාමා ගැන නැන්දා හිටියේ පුදුම සැකේකින්. “තමුසේ මොකද මේ දවස් ටිකේ පරණ සින්දුම අහන්නේ? ඇත්ත කියනවා තමුසෙට වයසක ගෑනියෙක් එක්ක මොකක් හරි හුට පටයක් තියෙනවා නේද?”
කරච්චලේ අහගෙන ඉන්න බැරි තැන විමලේ මාමා අලුත් පන්නේ ජෙන් සී සින්දු ටිකක් අහන්න ගත්තා.
“ආ ඒ පාර කොහෙහරි යන පොඩි නැට්ටිච්චියෙක් අල්ලගෙන නේ. වල් නාකියා”
එකත් හරියන්නේ නෑ. මේ වදෙන් බේරෙන්න හිතාගෙන විමලේ මාමා ඉන්ග්‍රීසි සින්දු විතරක් අහන්න පටන්ගත්තා.
“ඒ පාර සුද්දියෙක් එල්ල ගත්තද? මොකෝ තමුසෙට මේ රටේ ගෑණු රවට්ටලා ඇති උනාද?”
අන්තිම තුරුම්පුව විදියට විමලේ මාමා සින්දු අහන එක නවත්තලම දැම්මා.
මේක නෝට් කරපු නැන්දා “කවුද ඒ බීරි ගෑණි?”

