දෙකේ පන්තියෙ ලමයින්ට ටීච නීතියක් දාලා තිබ්බා චූටි බබාලා වගේ කතා කරන්න බෑ කියලා. වැඩිහිටි අය කතා කරන විදිය බලලා ඒ විදියට කතා කරන්න ඕනේ.
“ටීච , මට පිප්පි බරයි”
“නෑ පුතා කියන්න මට ටොයිලට් එකට යන්න ඕනේ කියලා. වැඩිහිටි අය කතා කරන විදිය මතක් කරගන්න”
“ටීච මගේ මක්කේ නෑ”
“මක්කේ නෑ නෙමේ. මකනේ නැතිවෙලා කියන්න. වැඩිහිටි අය කතා කරන විදිය මතක් කරගන්න”
“ටීච, මට බාගිනී”
“ඔයාලට කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. කෝ මතක් කරලා කියන්න බලන්න වැඩිහිටි කෙනෙක් ඒක කියන විදිය”
“බඩගිනියි යෝදියේ *කාගන්නැතුව මගේ කෑම එක අරං වරෙන්”

