සිරිපාල පොඩි කාලේ හිටපු ගෙදර ඉඩමත් එක්කම තිබ්බා පොඩි විලක්.
ඕකේ කිඹුල්ලු හිටපු නිසා සිරිපාලට ඕකට බහින්න හම්බ වෙලාම නෑ.
දැං සිරිපාල ලොකුයි, රාජකාරි ගමනක් යන ගමං දවසක් මේ හරියෙන් යන්න සෙට් වෙනවා. සිරිපාල පොඩ්ඩ්ක් නැවතිලා පරණ කාලේ මතක් කර කර ඉද්දි ඉඩමේ දැං අයිතිකාරයා ආවා ඒ පැත්තට.
සිරිපාල කියනවා “මම පොඩි කාලේ මෙහෙනේ හිටියේ. මට ලොකු ආසාවක් තිබ්බා මේ විලට පැනලා නාන්න කොහෙද මේකේ කිඹුල්ලුනේ.”
“ආ මේකේ දැන් එක කිඹුලෙක්වත් නෑ”
මේක අහලා සිරිපාලට හෙන ආතල්. පොඩි කාලේ ඉඳං තිබ්බ හීනයක් හැබෑ කරගන්න පුලුවන්නේ. මිනිහා දෙපාරක් හිතන්නේ නැතුව යට කලිසම පිටින්ම පැන්නා විලට. පැනලා පීනන ගමං අහනවා “එතකොට මේකේ හිටපු කිඹුල්ලු ටිකට මොකේ උනේ”
“තුසිත විලට බැස්ස දවසේ ඉඳං එක කිඹුලෙක් නෑ පැත්ත පලාතේ”
“තුසිත කිව්වේ කවුද? කිඹුල්ලු අල්ලන පොරක්ද?”
“නෑ අපි හුරතලේට ඇතිකරන ඇනකොන්ඩා”

