අලුත් දැනුම හොයන එක ජීවිතේම කරගත්ත විද්‍යාඥයෙක් එයාගේ ටීම් එකත් එක්ක කැණීමක් කරද්දි පහනක් හම්බෙනවා. ඒකෙන් බූතයෙක් මතු වෙලා මේ විද්‍යාඥයාට දෙනවා එක වරයක්. “ඔබට තෝරාගත හැකියි ඥානය, ප්‍රසිද්දිය හෝ මුදල්.”
ජීවිත කාලෙම දැනුම හොයපු හින්දා මෙයා ඥානය තෝරගන්නවා.
වරය දීපු බූතයා චුත වෙලා යනවා.
විද්‍යාඥයා බර කල්පනාවක. ටීම් එක හිතුවා දැන් මෙයා මේ ලෝකේ හැම ප්‍රශ්නෙකටම උත්තර හොයනවා ඇති කියලා.
ටික වෙලාවකට පස්සේ විද්‍යාඥයා ටීම් එක දිහා බලලා
.
.
.
“මට සල්ලි කියන්න තිබ්බා නේ”

