ප්ලේන් එකක් යන්න ලෑස්ති වෙලා අනවුන්ස්මන්ට් එකක් යනවා. “මේ ගුවන් යානයේ ප්‍රදාන නියමුවා දෘශ්යාබාදිතයෙකි. නමුත් ඔහු ගුවන් ගමන් වාර දහසකටත් වඩා සාර්තකව මෙහෙයවා තිබෙනවා. එබැවින් ගුවන් මගීන් කිසි ලෙසකත් බිය විය යුතු නැත”
පැසේන්ජර්ස් ලා පොඩ්ඩක් කලබල උනත් කමක් නෑ කෝ පයිලටුත් ඉන්නවනේ කියලා හිත හදාගත්තා. එතකොටම තව අනවුන්ස්මන්ට් එකක්
“මේ ගුවන් යානයේ සහායක නියමුවාද දෘශ්යාබාදිතයෙකි. නමුත් ඔහුද සාර්තක ගුවන් ගමන් වාර පන්සීයකට වඩා සහබාගී වී තිබෙනවා. එබැවින් ගුවන් මගීන් කිසි ලෙසකත් බිය විය යුතු නැත”
පැසේන්ජර්ස් ලා තවත් ටිකක් කලබල උනත් ඒත් එක්කම ප්ලේන් එක ලිෆ්ට් ඕෆ් කරන්න පටන්ගත්ත හින්දා බෙල්ට් එහෙම තද කරගෙන ලෑස්ති උනා. වේගෙන් ඉස්සරහට ගිය ප්ලේන් එක දැන් රනවේ එකේ කෙලවරම වගේ හැබැයි තාම ලිෆ්ට් ඕෆ් කරලා නෑ. හොඳටම බය වෙච්ච පැසේන්ජර්ලා ගිරිය යටින් කෑගහන්න ගත්තා. එත් එක්කම ප්ලේන් එක රනවේ එකෙන් ඉස්සිලා අවුලක් නැතුව ලිෆ්ට් ඕෆ් කලා.
කැප්ටන් කෝ පයිලට් ඉන්න පැත්තට හැරිලා “මුං කෑගැහුවේ නැති දවසට තමා අපිට කෙල වෙන්නේ”

